ජේසුස් වහන්සේ අපව ලුහුබැඳ එන සේක

ජේසුස් වහන්සේ වෙතට ළංවීමට බාධා කළ ඇබ්බැහිකමකින් ඒවන් වසර ගණනාවක් අරගල කළේය. මා උන්වහන්සේගේ ප්‍රේමයට සුදුස්සෙක් වන්නේ කෙසේද? කියා ඔහු කල්පනා කළේය. ඔහු නොනවත්වා සභාවට ගියත් ඔහුව ජේසුස් වහන්සේගෙන් ඈත් කළ එකට එකතු කළ නොහැකි හිඩැසක් තිබුණු බව ඔහුට හැඟුණි.

එසේ වූවත් ඔහු ඉතා උවමනාවෙන් යමක් ගැන යාච්ඤා කළහොත් ජේසුස් වහන්සේ පිළිතුරු සපයන බව ඒවන්ට පෙනෙන්ට තිබුණි. අසීරු කාලවලදී ඔහුව…

දෙවියන් වහන්සේ ක්‍රියා කරනු ඇත

උනන්දුවෙන් වැඩ කරන ලිපිකාරිනියක් වූ එරින් සෑමවිටම ඇයගේ රැකියාව ඉතා හොඳින් කළාය. නමුත් ඇය වංක බවට චෝදනාවක් පැමිණි පසු එම පරීක්ෂණය අවසන් වන තෙක් කෙටි කාලයකට නිවාඩු යැවිණ. ඇය එයට එරෙහිව අස්වීමට සිතුවත් බලා සිටින මෙන් උපදෙස් ලැබිණ. “අස්වීමෙන් ඔබ වැරදිකාරියක් බව අදහස් කෙරෙනු ඇතැ”යි ඇයට කියනු ලැබිණ. එබැවින් ඇයට සාධාරණය ඉටු කරන ලෙස දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් එරින් නැවතී…

පරීක්‍ෂාකර සෝදිසි කර තිබේ

ස්ටැන්ලි තම කුලී රථ රියැදුරු රැකියාවට කැමති වූයේ එහි ඇති නිදහස සහ නම්‍යශීලිභාවය නිසාය. අනිත් කරුණ නම් ඔහු කැමති වෙලාවට රැකියාව පටන් ගැනීමටත් නැවැත්වීමටත් ඔහුට පුළුවන. එසේම ඔහුගේ කාලය සහ ගමන් බිමන් ගැන කිසිවෙකුට ගණන් දීමට අවශ්‍ය නැත. නමුත් එය අසීරුම කාරණය බව ඔහු පැවසීය.

“මේ රැකියාවේදී විවාහයට අමතරව සම්බන්ධතා ආරම්භ කළ හැකිය. මම විවිධ මගීන් ගෙන යන්නෙමි. සෑම දිනකම…

දෙවියන්වහන්සේගේ වෙලාව

මැග් සංචාරයක් සඳහා වෙනත් රටකට යාමට සැළසුම් කරමින් සිටියාය. නමුත් ඇගේ සාමාන්‍ය පුරුද්ද ලෙස ඇය පළමුව ඒ ගැන යාච්ඤා කළාය. “එය නිවාඩුවක් පමණි. ඒ ගැන දෙවියන්වහන්සේගෙන් විමසන්න අවශ්‍ය වන්නේ මන්ද?” කියා ඇගේ මිතුරියක් ඇසුවාය. කෙසේ වෙතත් සෑම දෙයක්ම උන්වහන්සේට කැප කිරීම මැග් විශ්වාස කළාය. මෙවර සංචාරය අවලංගු කරන ලෙසට උන්වහන්සේ දන්වන බව ඇයට හැඟුණි. ඇය එසේ කළාය. පසුව ඇය එහි…

දෙවියන්වහන්සේ තුළ බලාපොරොත්තුව

විශ්ව විද්‍යාලයේ වසර තුනේ පාඨමාලාව සඳහා පැමිණි ජෙරමි ඉදිරියේදී කුමක් සිදුවේදැයි අවබෝධ කර ගන්නේ නැතිව නවාතැන් පළේ ලාභම කාමරය ඉල්ලා සිටියේය. “එය අප්‍රසන්නයි. කාමරය සහ වැසිකිළිය භයානකයි” යනුවෙන් ඔහු මතක් කර සිටියි. නමුත් ඔහුට තිබුණේ සීමිත මුදලකි. එම නිසා තෝරා ගැනීමද සීමිත විය. “මට කළ හැකි වූයේ වසර තුනකින් මම යහපත් නිවසකට යන බව සිතා සිටීමයි. එම නිසා මම මෙහි…

දෙවියන්වහන්සේ පාලනය කරන සේක

සියල්ල එකවර සිදුවන්නේ ඇයි කියා කැරල්ට නොතේරුණි. රැකියාව අයහපත් වීම මදිවාට ඇගේ දියණිය පාසැලේදී අස්ථියක් බිඳ ගත්තාය. ඇයටද ඉතා දරුණු ආසාදනයක් වැළඳුනි. මේවා සියල්ල සිදුවීමට මා කළේ කුමක්ද? කැරල් කල්පනා කළාය. ඇයට කළ හැකි එකම දෙය වූයේ දෙවියන්වහන්සේගෙන් ශක්තිය ඉල්ලීමය.

කැරල් අත්විඳි වේදනාවට සහ පාඩුවට වඩා බොහෝ සෙයින් අධික වූ ආපදාවක් තමන්ට මෙතරම් තදබල ලෙස පහර දෙන්නේ මන්දැයි යෝබ්ද දැන…

කුඩා ක්‍රම වලින්

ඇයට පිළිකාව සෑදුණු විට යේසුස්වහන්සේ සමග සිටීමට ස්වර්ගයට යාමට එල්සි සුදානම් වූවාය. රෝගය ඇයව අකර්මණ්‍ය කළත් ඇය සුවපත් වූවාය. එසේම දෙවියන්වහන්සේ ඇගේ ජීවිතය බේරා ගත්තේ මන්ද කියා ඇය කල්පනා කළාය. “මට කළ හැකි යහපත් දේ මොනවාද?” ඇය උන්වහන්සේගෙන් ඇසුවාය. “මට බොහෝ මුදල් හෝ නිපුණතා හෝ නැත. මට ඇවිදීමටද නොහැක. මම ඔබවහන්සේට ප්‍රයෝජනයක් වන්නේ කෙසේද?”.

ඊට පසු අන් අයට සේවය කිරීමට…

දෙවියන්වහන්සේගේ හස්තයෙහි

දත් හාරනු ලබන උපකරණයට පස් හැවිරිදි සාරා බිය වූවාය. ඇය දන්ත වෛද්‍යවරයාගේ පුටුවෙන් පැන නැවත එහි යාම ප්‍රතික්‍ෂේප කළාය. තේරුම් ගත් ආකාරයට හිස වනමින් “තාත්තා පුටුවට නගින්න” කියා දන්ත වෛද්‍යවරයා ඇගේ පියාට කීවේය. එය කෙතරම් පහසුදැයි දියණියට පෙන්වා දීම වෛද්‍යවරයාගේ අරමුණ යයි ජේසන් කල්පනා කළේය. ඉන්පසුව දන්ත වෛද්‍යවරයා දියණිය දෙසට හැරී “දැන් පුටුවට නැග තාත්තාගේ ඇකයේ වාඩි වෙන්න” කියා දැරියට…

දෙවියන්වහන්සේ උදෙසා සේවය කිරීම

2022 සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ එලිසබෙත් රැජින අභාවප්‍රාප්ත වූ විට අවමංගල්‍ය පෙරහැරේ ගමන් කිරීමට සොල්දාදුවන් දහස් ගණනක් සේවයේ යොදවා තිබුණි. විශාල ජනකායක් තුළ ඔවුන්ගේ තනි භූමිකාවන් නොපෙනී යන්නට ඇති නමුත් බොහෝ දෙනෙක් එය උතුම්ම ගෞරවය ලෙස සැළකූහ. එක් සොල්දාදුවෙක් පැවසුවේ “එය මහරැජින වෙනුවෙන් අපගේ අවසන් රාජකාරිය කිරීමට අවස්ථාවක්” බවයි. මෙම හමුදා භටයාට එය ඔහු කළ දේ නොව නමුත් ඔහු එම ක්‍රියාව…

යාච්ඤාව තුළින් ප්‍රේමය

ජෝන් වසර ගණනාවක් පුරා දේවස්ථායේදී තරමක් කෝපයට පත් වී සිටි කෙනෙක් විය. ඔහු කිපෙන සුළු, බලයෙන් ඉල්ලීම් ලබා ගන්නා සහ බොහෝ විට රළු අයෙක් විය. ඔහුට හොඳින් “සේවය” නොකිරීම ගැනත්, ස්වේච්ඡා සේවකයන් සහ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ රාජකාරිය හොඳින් ඉටු නොකිරීම ගැනත් ඔහු නිරන්තරයෙන් පැමිණිලි කළේය. අවංකවම ඔහුට ප්‍රේම කිරීමට අපට අපහසු විය.

ඔහුට පිළිකාවක් වැළඳී ඇති බව දැනගත් විට, ඔහු…